සිංහල අකුරු මෙතනින් ගන්න.

Thursday, October 29, 2009

"ලොව ධර්මතාවයන් අප කෙරෙහි එලෙසමය"


අඳුරු මුලු ගුවන් ගැබ - එළිය කළ සුපුන් සඳ
පරදවන වත මඬල එදා මා දුටු නමුත්....
රැළි නැගුණි නළල් තල - හැරමිටෙන් වාරු නැග
යනෙන මේ මහලු කත මන්ද අද එක් තැන්ව...
මිනිස් දිවියත් හිරුට - සම වෙතැයි මට සිතුණි
එහෙත් හිරු කිරුණ නම්..
උදේ නැග සවස බැස..
යළිත් පසු දිනත් ඒලෙසින් පායන නමුදු.....

අපේ මේ ජීවිතය පසුවදා නැවුම් වෙද...
පෙර සේම සිටි ලෙස.....
එසේනම් නොවනු ඇත - කිසිම දා මන්ද යත්....
ලොව ධර්මතාවයන් අප කෙරෙහි එලෙසමය.......

©ems



3 comments:

  1. හ්ම්....ඒක ඇත්ත...
    අපිටත් නොදැනීම අපි වයසට යනවා නොවැ...

    pls remove word verification..

    ReplyDelete
  2. Sorry.I was unaware about that.Just now I removed word verification.
    Thanks.

    ReplyDelete
  3. ඇත්ත තමා.නියම නිර්මාණයක්.ජය !

    ReplyDelete