දිනිසුරු නැගෙන විට හිමිදිරි ශිඛර පිට
රූසිරි කුසුම් වත විහිදා පිපෙන විට
නිති සරු ඵල බරින් බරවී සැලෙන කොට
සුමියුරු සුගන්ධය පැතිරේ හතර වට
නිළඹර සිසාරා විහගුන් පියඹද්දී
සුමධුර ගීත වැල් තුඩගින් මුමණද්දී
මා හද ලැගූ සංකාවන් දුරු වද්දී
ආවෙද පවන් සිහිලෙන් නව දිනයක් දී
සුදුවත හැද පැළද සමනළියක් වාගේ
පොත පත තුරුලු කොට මුදු ළමැදට ඈගේ
කැඩපත බලා හිනැහෙන නැගණිය මාගේ
ගත සිත පවා සනසයි හිමිදිරි රාගේ
පතමින් යළිත් මගෙ නැගණිව උපදින්න
විදු මව් පියස වෙත ඔබ පිය මැන යන්න
ඔබ මව් පැතුම් නොතලනු ඇය හඩවන්න
ලැබගන් ශිල්ප කිසිවක් නොම අඩුවන්න
© ems
Subscribe to:
Post Comments (Atom)
පොඩියක් තේරෙනවා මදි... මෙ කියන්න යන්නේ විශ්ව විද්‍යාලය යන එක භයානකයි කියලද?
ReplyDeleteඅෙන් එෙහම ෙදයක් නෙෙම්...එෙහමද ෙත්ෙරන්ෙන්?අම්මලාෙග් බලාෙපාෙරාත්තු බිදින්නැතුව ෙහාදට ඉෙගන ලන්නයි කිව්ෙව්.
ReplyDelete