පුන් සඳ පෑයුමුත් හැම පුර පෝයටම
නුඹෙ රුව දුටුවෙ අදමයි මම ඇත්තටම
ගත වුනු තෙවසරක නොබැඳුනු රුවට මම
බැඳුනේ දෙතුන් පැයකින් මේ ලෙසට කිම
සුන්දර සිනහවට දෙනුවන ළඟට වෙලා
ඉන්නට හිතෙනවා ඇසි පියවත් නොහෙළා
දහසක් පැතුම් පොදි බැන්දට සුසුම් හෙළා
මෙය ඉටු නොවෙන සිහිනෙකි මා වුනෙද මුළා
දෙනෙතට දෙනෙත හමුවන හැම මොහොතකට
මා නෙත පැරද ගියෙ ඔබ ගෙන් ඉවතකට
මුවඟින් නොකීවත් වදනක් දවසකට
ඔය ඇස් කතා කෙරුවා හැමදාම මට
තුන් වසරක්ම මා සිත මෙහි සලිත නොවී
හිටියත් පෙමට හද නතු වෙන්නට නොම දී
අවසන් වසර නිම වෙන්නට ළං වෙද්දී
ඇයි මේ සලිත වුනෙ මගෙ හදවත රිද්දී
ඔබ වෙන හදක් හිමි කර ගත් බව දනිමි
මා ළඟ ඉන්න නුඹ නොඑනා බව දනිමි
එනමුදු තවම සිහිනෙන් ඔය රුව දකිමි
මට හිමි නැතත් රත්තරනේ සුභ පතමි
© ems
Subscribe to:
Post Comments (Atom)
dukai
ReplyDeletemonawa karannada bun...ohoma thama jeewithe
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteනෑ නෑ ඒක අවුලක් නෑ.ජීවිතේ විඳින්න වෙන හැම දේම මේ විදියට පදවලින් ලියවෙනවනම් ගහ මරා ගන්නවට වඩා ලෝකෙ සුන්දරයි.
ReplyDeleteඑකම අවුල අද වෙනකම් අදාල කෙල්ල මේ කවිය දැක්කේ නැති එක.මේකේ ලින්ක් එකවත් යවන්න ඕනෙ.
මොනව උනත් Thanks comments වලට.හැබැයි විරහ නොවන කවිත් මේ බ්ලොග් එකේ තියෙනවා හොඳද?
කරනවක් කියන්නද? කෙල්ලට මෙක යවන්න එපා, මොකද දන් එයට වෙනම ජීවිතයක් තියන හැන්ද?
ReplyDelete"පදවලින් ලියවෙනවනම් ගහ මරා ගන්නවට වඩා ලෝකෙ සුන්දරයි" මෙකොටස උඔට හොඳට පුලුවන්
මචන් සම්පූර්ණ ඇත්ත කතාව..ජීවිතේ අපි පැටලිලා බන්.. කොහෙන් හරි ගොඩ වෙන්න තැනක් හොයමු.
ReplyDelete