යෙහෙළිය ඔබයි නිති මා සමඟින් යනෙනා
සෙවණැලි ලෙසින් ඔබ මා පසුපස රැඳෙනා
පහනක් වෙලා නෙත් ඉදිරිය එළි කරනා
මිහිරිය ඔබයි මගෙ දිවි සුව යස ගෙනෙනා
සංකා සිතින් දුටුවෙමි මෙලොවේ මායා
ඔබගේ නෙතින් පළවුනි මුල් පෙම ඡායා
මහදේ නැගුණි පෙම් කුසුමන් නෙක සේයා
එම දින දිලුණි තරු කැන් සතොසින් පායා
ඉපදුනු නිසා මෙතුවක් මිහිපිට වසමින්
සිටියේ කෙදිනදෝ මියැදෙන්නේ සිතමින්
ඔබෙ පෙම නිසාවෙන් එම සිතුවිලි නසමින්
මතුවට ගෙවන්නෙමි මම දිවි ඔබ වෙනුවෙන්
සැනසුම සතුට පිරි නිවහල් අපෙ ලොවට
ඔබ මා පැමිණී දා එක වහලක් යටට
හොඳ පතිනියක වනු මැන සැමදා මහට
සදහට වාසනා වේවා අපෙ පැලට
©ems
Subscribe to:
Post Comments (Atom)
කවිය හරි ලස්සනයි.
ReplyDeleteThanks.
ReplyDeleteපතිවත රකිනා කුළකුමරී... අරුම පුදුමය...
ReplyDeleteමම ඔබ රැක ගනිමී...