සිංහල අකුරු මෙතනින් ගන්න.

Wednesday, June 23, 2010

කිව්වට අනාගතයක් සුභ වෙන්න නැත !




පැතුවත් ආශ්චර්යක්              ආසියාවට
සිතුවත් අනාගතයක් සුභ           සිරාවට
දුන්නත් ඡන්ද ගොන්නක් රට     පුරාවට
බැන්නත් වැඩක් නෑ දැන් හොර ගුහාවට

පළමුව දෙවනුවත් හා තෙවනුවද  මට
වටිනවා ඒක ඇත්තයි මව්බිම     අපට
ඇන්දට සරම වැන්දට නැමිලා   බිමට
ඉම්බට දරුවො මේ රට යාවිද පෙරට?

කිරි,පිටි,සීනි කන බොන දේ වැඩි වෙනවා
යන එන යාන වාහන මිල   අඩු    වෙනවා
වැඩි කළ පඩිය තව තව දැන් කල්  යනවා
කන්නද කාරෙ යන්නද හිත  ලතැවෙනවා

යුද්ධය නිමා වී වසරක් ගෙවී           ඇත
කිව්වට අනාගතයක් සුභ වෙන්න   නැත
ඡන්දය නිමා වී දෙමසක් නික්ම       ඇත
කළගුණ හිතපු මිනිහට අද කන්න  නැත

"අයිෆා" අරන් ආවට සුදු නළු           බට්ටන්
ගැහුවොත් "සීපා" අපි හැම වෙනවා නට්ටන්
වහගෙන ඉන්න කටවල් අරගෙන    පට්ටන්
කොච්චර කලක් ඉන්නද දී ගෙන   තට්ටන්?


© ems

6 comments:

  1. මසුරන් කතාව.. මේකට ප්‍රචාරයක් දෙන්නද ?

    ReplyDelete
  2. niyamai . .. . kiyanna ona de bokkata wadinna kiyalaa iyenawaa . . ela ela . . .

    ReplyDelete
    Replies
    1. Thanks Duka...aluth ewa keepayak athi balapan.....

      Delete
  3. කැමති කෙනෙක් කැමති ප්‍රචාරයක් දෙන්න...කට අරින්න ඕනෙ වෙලාවට කට වහගෙන ඉඳලා බෑ නේද?

    ReplyDelete
  4. hari. dunnaa.. onna kattiya blog ekatath enawa :-)

    ReplyDelete
  5. ela ela
    nidhas paksha pal modyanta niyama suba anagathayak

    ReplyDelete