නොවරදවාම හැම උදයෙම පායනවා
මළ හිරු රැසින් සවසට හිරු බැස යනවා
තරුපති නැඟී තරු පිරිවර කැන්ඳනවා
කළු රෑ අහස ආලෝකය පතුරනවා
සඳ රැස් කිරණ වැටිලා නිල් දිය මත්තේ
දිදුලන අයුරු කදිමයි ගං ඉස්මත්තේ
බමරකු රොන් උරයි සුසුනිඳු මල් පෙත්තේ
කිචි බිචි හඬ ඇසෙයි ළඟ ඇති අඹ අත්තේ
දලනිඳු උදම් වී මහ හඬ ගොස නඟනා
වෙරළේ හැපෙයි සුදු පෙණ පිඬු රළ බිඳිනා
මින් රැළ පාට පාටින් දියයට කිඳුනා
කරදිය සුළං රැළි සියොළඟ වට රැඳුනා
හිමිදිරි සිරිය සිඹගෙන අවදිව එන්න
සඳු නැඟ දිලෙන රැයකදි යහනට වෙන්න
දිනකදි ලබන වෙහෙසට නිවනක් දෙන්න
සුන්දර සොබාදම් මව ළඟ සැනසෙන්න
"විශ්වයෙ මහා පිපුරුම" ගැන මා ඇසුවත්
එමඟින් මෙවන් ලොව බිහි කළ බව කීවත්
තවමත් සිතා ගනු බැහැ මේ ලොව උපතත්
මැවුම්කාර දෙවිඳුන් පුදුමයි කවදත්
©ems
Tuesday, January 12, 2010
Subscribe to:
Posts (Atom)